ශාරීරික පරීක්ෂණ සිදු කිරීම මගින් සහ ස්කෑන් පරීක්ෂණ කරන විටදී මොලයේ පෙන්වන චායාරුප අධ්‍යයනය කිරීම මගින් සාමාන්‍යයෙන් ආඝාතය වැළඳී ඇති බවට විනිශ්චය කල හැකිය. ඔබට අඝාතයක් ඇති වූ බවට සැක සහිතව ඔබ රෝහලට ඇතුළු වූ විගස, ඔබගේ රෝග ලක්ෂණ පිළිබඳව හැකි පමණ සොයා බැලීමට ඔබගේ වෛද්‍යවරයාට අවශ්‍ය වේ. රෝග විනිශ්චය තහවුරු කිරීමට සහ ආඝාතය ඇතිවීමට හේතුව තීරණය කිරීම සඳහා පරීක්ෂණ කිහිපයක් සිදු කල හැක. මේවාට ඇතුළත් වන්නේ:

  • රුධිර පරීක්ෂණ - ඔබගේ කොලෙස්ටරෝල් සහ රුධිර සීනි මට්ටම තීරණය කිරීම සඳහා
  • අක්‍රමවත් හර්ද ස්පන්දනය ඇති දැයි දැන ගැනීම සඳහා ඔබගේ නාඩි පරීක්ෂා කිරීම
  • රුධිර පීඩනය මැනීම

මොළයේ ස්කෑන්

ආඝාතයේ භෞතික ලක්ෂණ පැහැදිලිව පෙනෙන්නට තිබුණත්, තීරණය කිරීම සඳහා මොළය පරීක්ෂා කළ යුතුය:

  • අවහිර වූ ධමනියක් නිසා හෝ පුපුරා ගිය රුධිර වාහිනියක් නිසා මෙම ආඝාතය ඇති වුයේද,
  • මොලයේ කුමන කොටසක් බලපෑමට ලක්ව තිබේද,
  • ආඝාතය කොතරම් බරපතලද,

සැක සහිත අඝාතයක් සහිතව රෝහලට පැමිණෙන සියලු දෙනම රෝහලට පැමිණීමෙන් පසු පැයක් ඇතුලත මොලයේ ස්කෑන් පරීක්ෂණයකට ලක්විය යුතුය. මුලිකව සිදුකරන මොළයේ ස්කෑන් විශේෂයෙන් වැදගත් වන්නේ:

  • ඇල්ටප්ලේස් (Alteplase) හෝ මුල් තත්වයේ රුධිරය කැටි ගැසීම වලක්වන ප්‍රතිකාර (අන්ටිකෝගුලන්ට්) (Anticoagulant) වැනි රුධිර කැටි දිය කරන ප්‍රතිකාර (ත්‍රොම්බෝසිස්) (Thrombosis) ප්‍රතිලාභ විය හැකිය
  • දැනටමත් රුධිරය කැටි ගැසීම වලක්වන ඇන්ටිකෝගුලන්ට් ප්‍රතිකාර සිදු කරන්නේ නම්
  • සිහි කල්පනාව මද තත්වයේ පවතිනවා නම්

මේ නිසා ආඝාතය වෛද්‍ය හදිසි අවස්ථාවක් වන අතර ආඝාතය යැයි සැක කරන අවස්ථාවක වෙලාවක් වෙන් කරගෙන වෛද්‍යවරයකු මුණ ගැසීම සඳහා කල් නොගෙන වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රෝගියා යොමු කල යුතුය. ආඝාතය වැළඳී ඇතැයි සැක කරන පුද්ගලයන්ගේ මොලය පිළිබඳව සොයා බැලීම සඳහා ප්‍රධාන ස්කෑන් වර්ග දෙකක් භාවිතා කෙරේ. ඒවා නම්:

  • සී. ටී ස්කෑන් (CT scan)
  • එම්. ආර්. අයි. ස්කෑන් (MRI scan)

සී. ටී. ස්කෑන්- එක්ස් කිරණ (X-Ray) වලට සමානය. ඔබගේ වෛද්‍යවරයාට හඳුනා ගත හැකි වන පරිදි, මොලයේ කොහේ හෝ තිබිය හැකි ප්‍රශ්න සහිත ප්‍රදේශ පිලිබඳව බහු රූප සහිත ත්‍රිමාණ රුපයක් ලබාගැනීම. ස්කෑන් කිරීම අතර තුර සී. ටී. රුපයේ පැහැදිලිකම වැඩි දියුණු කිරීම සඳහා විශේෂ ඩයි වර්ගයක් ඇති එන්නතක් ඔබගේ එක අතක රුධිර නාලයකට ලබා දිය හැකි අතර මොලයට රුධිරය සපයන රුධිර නාල පිළිබඳව සොයා බැලීම කරනු ලැබේ. ප්‍රධාන අඝාතයක් වැළඳී ඇති බව ඔබට හැගී යන්නේ නම් සී. ටී. ස්කෑන් පරීක්ෂණය මඟින් සාමාන්‍යයෙන් ඔබට වැළදී ඇත්තේ ඉස්කීමික් අඝාතය(Ischaemic stroke) ද නැතිනම් හෙමරොජික් ආඝාතය (Haemorrhagic stroke) ද යන්න දැන ගත හැක. සාමාන්යයෙන් MRI ස්කෑන් පරීක්ෂාවට මෙය වඩා ඉක්මන් වන අතර ඉක්මනින් සුදුසු ප්රතිකාර ලබා ගැනීමට ඔබට හැකි වේ. එම. ආර්. අයි. ස්කෑන් - MRI ස්කෑන් සඳහා ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් සහ රේඩියෝ තරංග භාවිත කරන අතර එමඟින් ඔබගේ ශරීරයේ ඇතුලත විස්තරාත්මක පින්තුරයක් නිපදවයි. මෙය සාමාන්‍යයෙන් බොහෝ සංකීර්ණ රෝග ලක්ෂණ සහිත, හානි වූ කොටස හෝ දුර නොදන්නා පුද්ගලයින් සඳහා භාවිතා කෙරේ. ට්‍රාන්සියෙන්ට් ඉස්කීමික්ඇටෑක්(TIA) වැළදී සුවවූ පුද්ගලයින් සඳහාද මෙය භාවිතා කෙරේ. මෙම වර්ගයේ ස්කෑන් පරීක්ෂණයක් තුලින් මොලයේ පටක පිලිබඳ වැඩි විස්තරයක් සපයනු ලබන අතර ආඝාතය නිසා බලපෑම් ඇති වී ඇති කුඩා හෝ විශාල ලෙස අසාමාන්‍යයෙන් ස්ථානගත වී ඇති ප්‍රදේශ හඳුනා ගත හැකිය. CT ස්කෑන් පරීක්ෂණයේ දී මෙන්ම මෙහිදීත් MRI ස්කෑන් රූප වැඩි දියුණු කිරීම සඳහා විශේෂ ඩයි වර්ගයක් භාවිතා කරනු ලැබේ.

ගිලින පරීක්ෂණ

ගිලීමේ හැකියාවට පොදුවේ මුලින්ම බලපෑ හැකි නිසා ආඝාතය වැළඳුන පසු ඕනෑම කෙනෙකුට ගිලින පරීක්ෂණ අත්‍යවශ්‍ය වේ. යම් කෙනෙකුට හරිහැටි ගිලීමට නොහැකි නම් කන කෑම සහ බොන බීම, ස්වාශ නාලයට සහ පෙනහළු වලට යාමේ අවදානමක් පවතී. මේ නිසා නියුමෝනියාව වැනි පපුවේ අසාධන ඇතිවීමට හේතු විය හැක. මෙය පිට උගුරේ යාම (ඇස්පිරේෂන්) (aspiration) ලෙස හැඳින්වේ. පරීක්ෂණය සරලය. එම පුද්ගලයාට බීමට වතුර තේ හැඳි කිහිපයක් දෙනු ලැබේ. එම පුද්ගලයාට හිරවීමකින් තොරව හෝ කැස්සකින් තොරව එය ගිල දැමීමට හැකි නම් වතුර වීදුරු භාගයක් (1/2) බීමට එම පුද්ගලයාගෙන් ඉල්ලා සිටිනු ලැබේ. එවිට ගිලීම සඳහා දුෂ්කරතාවයකට පත් වුවහොත් එම පුද්ගලයා, වඩාත් හොඳ තක්සේරුවක් සඳහා කථන සහ භාෂා චිකිත්සකයෙකු වෙත යොමු කරනු ඇත. චිකිත්සකයකු හමු වන තෙක් සාමාන්‍යයෙන් එම පුද්ගලයාට කෑමට සහ බීමට අවසර දෙනු නොලැබේ. දියර හෝ අහාර, කෙලින්ම අතෙහි ඇති රුධිර නාලයට හෝ නාසය හරහා ආමාශය තුලට ඇතුල් කර ඇති නලයක් හරහා දෙනු ලැබේ.

හෘදය සහ රුධිර වාහිනී පරීක්ෂණ

ඔබගේ ආඝාතය සඳහා හේතු වුයේ කුමක්ද යන්න තහවුරු කර ගැනීමට හර්දයේ සහ රුධිර නාල වල වැඩිදුර පරීක්ෂණ පසුව සිදු කල හැකිය. සිදු කල හැකි සමහර පරීක්ෂණ පහත විස්තර කෙරේ. කැරොටිඩ් අල්ට්‍රා සවුන්ඩ් (Carotid ultrasound) - ඔබගේ මොලය වෙත යන බෙල්ලේ ධමනි වල පටුවීමක් හෝ අවහිර වීමක් ඇතිද යන්න දැන ගැනීම සඳහා මෙම කැරොටිඩ් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් උපකාරී වේ. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකකදී කුඩා උපකරණයකින් අතිශය සංඛ්‍යාත ශබ්ධ තරංග ඔබගේ ශරීරයට යවයි මෙම ශබ්ද තරංග ආපසු හැරුන විට ඔබගේ ශරීරය ඇතුලත රුපය නිර්මාණය කිරීම සඳහා ඒවා භාවිතා කල හැක. කැරොටිඩ් අල්ට්‍රාසෙනෝග්‍රැෆි අවශ්‍ය වූ විට එය පැය 48ක් ඇතුලත සිදු කල යුතුය. එකෝකාර්ඩියෝග්‍රැෆි (Echocardiography) - ඔබගේ හදවතේ රූප නිපදවීමට සහ අඝාතයට අදාළ කුමන හෝ ගැටළුවක් ඇතිද යන්න පරීක්ෂා කිරීම සඳහා මෙම පරීක්ෂණය සිදුකරනු ලැබේ. මෙහිදී අල්ට්‍රා සවුන්ඩ් ප්‍රතිරුපකය මුළු පපු ප්‍රදේශය පුරාම අතුල්ලනු ලබයි. එකෝකාර්ඩියෝග්‍රැම් පරීක්ෂණයට විකල්ප වර්ගයක් ලෙස ට්‍රාන්ස්ඇසොෆජිල් එකෝකාර්ඩියෝග්‍රැෆි (TOE) නමින් හැඳින්වෙන පරීක්ෂණයද සමහර විට භාවිත කෙරේ. සාමාන්‍යයෙන් ඔබව නින්දට පත්කොට අල්ට්‍රා සවුන්ඩ් ප්‍රතිරුපකය ආහාර මාර්ගයට ඇතුලු කරයි. ට්‍රාන්ස් තොරසික් කාඩියෝ ග්‍රෑම් එකකින් සොයාගත නොහැකි රුධිර කැට වැනි අසාමාන්‍යතා අල්ට්‍රා සවුන්ඩ් ප්‍රතිරුපකය හෘදයට පිටුපසින් සෘජුව ගමන්කිරීමට සැලසීමෙන් පැහැදිලිව හඳුනාගත හැක.